ආණ්ඩුකාරවර කාර්යාලය

බස්නාහිර පළාත් රාජ්‍ය ආයතන පරිශයන්හි පැළ 13,000 ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක, ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමාගාමීව, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ මගපෙන්වීමෙන් බස්නාහිර පළාත් රාජ්ය ආයතන පරිශයන්හි පැළ 13,000 ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය 2023.05.10 වන දින පෙ.ව. 09.30 ට හෝකන්දර, බප/ජය විද්යාරාජ මහා විද්යාලයේදී ආරම්භ කරනු ලැබුවේය. මෙහිදී බස්නාහිර පළාත් සභාවට අයත් ආයතන පරිශ්රයන්හි සිටුවීම සඳහා බද්ධ පැළ වශයෙන් කොස්, දෙල් හා අඹ පැළ ලබා දීම සිදු කරන ලදී.