චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා ඊයේ (2024.10.24) කොළඹ ආණ්ඩුකාර කාර්යාලයේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා (Hanif Yusoof) හමුවීය.
දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ සුහදශීලී පැවැත්ම පිළිබඳව මෙහිදී සිහිපත් කළ අතර චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.