ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

"Clean Sri Lanka" වැඩසටහන පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අදහසකට අනුව දීප ව්යාප්තව ක්රියාත්මක වන “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත්සභා ගොඩනැගිල්ලේදී පැවැත්විය.
 
මෙම වැඩසටහනට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, බස්නාහිර පළාත් සභාවේ ප්රධාන ලේකම් තුමිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකාම්තුමා ඇතුළු නිලධාරීන් එක්ව සිටි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම් තුමිය ඇතුළු නිලධාරීන් විසින් මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදීම සඳහා පැමිණ සිටියහ.
 
බස්නාහිර පළාත් සභාව තුළින් වාර්ෂිකව ක්රියාත්මක වන සංවර්ධන වැඩසටහන් “Clean Sri Lanka” වැඩසටහන යටතට ගැනීම සහ මහජනතාවගෙන් පැමිණෙන යෝජනා “Clean Sri Lanka” වැඩසටහනට සම්බන්ධ කරගැනීම ආදී කරුණු පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ නිලධාරින් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණු විය.