“Clean Sri Lanka” වැඩසටහනට සමගාමිව පැවැති මට්ටක්කුලිය කාක දුපත වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහන




















“Clean Sri Lanka” වැඩසටහනට සමගාමිව මට්ටක්කුලිය කාක දුපත වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පිරිසිදු වෙරළතීරයක් හා සංචාරකයින්ට හොඳ ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් “සුන්දර වෙරලක් ආකර්ශනීය ගමනාන්තයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන හරහා බස්නාහිර හා දකුණු පළාත ආවරණය වන පරිදි ස්ථාන 124ක කිලෝ මීටර 1740ක් පිරිසිදු කිරීම සිදුවිය.
මීට පෙර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් 2024.11.22 දින කාක දුපත වෙරළතීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී මෙරට සංචාරක කර්මාන්තය නගාසිටුවීමට කාක දුපත වෙරළතීරයේ තිබෙන ශක්‍යතාවයන් හදුනා ගත් අතර පසුව මෙම ප්‍රදේශය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා පැවැත්විය.