ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බස්නාහිර පළාත් සභාවට ව්‍යවස්ථානුකූලව අනුයුක්ත කර තිබෙන විවිධ අධිකාරීන් සඳහා සභාපතිවරුන් පත්කිරීම

බස්නාහිර පළාත් සභාවට ව්යවස්ථානුකූලව අනුයුක්ත කර තිබෙන විවිධ අධිකාරීන් සඳහා සභාපතිවරුන් පත්කිරීම 2024.12.16 දින බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්රධානත්වයෙන් සිදු විය.
 
මේ සඳහා කොළඹ දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා, බස්නාහිර පළාත් සභාවේ ප්රධාන ලේකම් ධම්මිකා කේ විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සභාවේ විවිධ අධිකාරීන් සඳහා සභාපතිවරුන් නව දෙනෙකු අද දින පත්කරනු ලැබූ අතර එම පත්කිරීම් පහත ආකාරයට දැක්විය හැකිය
 
  • බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස යූ. එල් ගාමිණි ඇලෙක්සැන්ඩර් පෙරේරා මහතා
  • බස්නාහිර පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස අයි. එම් ජගත් චන්ද්ර බණ්ඩාර මහතා
  • බස්නාහිර පළාත් ප්රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස ගාමිණී ජයසිංහ මහතා
  • බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපතිවරයා ලෙස ඩබ්. ඒ සුජීවා මහත්මිය
  • බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස එන්. ඒ ජගත් අනුර කුමාර මහතා
  • බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස කේ.ඒ.ඩී චතුර තරංග මහතා
  • බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ටී.ජී මහේෂ් ප්රියදර්ශන මහතා
  • බස්නාහිර පළාත් ආර්ථික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නොමල් ඒකනායක මහතා
  • බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස වසන්ත දේශප්රිය මහතා