ආණ්ඩුකාරවර කාර්යාලය

සිංහල தமிழ் English

අප කවුරුන්ද?

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය බස්නාහිර පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. පළාත් සභාව සහ මධ්‍යම රජය අතර සම්බන්ධතාවක් ඇති කිරීමේදී සහ බස්නාහිර පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනවල ක්‍රියාකාරකම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේදී ගරු ආණ්ඩුකාරවරයා මාර්ගෝපදේශ සපයයි.

දිවයිනේ පළමු මට්ටමේ පරිපාලන අංශය ලෙස සැලකෙන බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය බස්නාහිර පළාතේ පිහිටුවා ඇති අනෙකුත් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන වේ.

බස්නාහිර පළාත.

බස්නාහිර පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකක් වන අතර ශ්‍රී ලංකාවේ පළමු මට්ටමේ පරිපාලන කොට්ඨාශය ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ පළාත් 19 වැනි සියවසේ සිට පැවති නමුත් 1987 වර්ෂය තෙක්, එනම්,  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවන තුරු, එම පළාත් සඳහා කිසිදු නීතිමය තත්ත්වයක් නොතිබිණි.

බස්නාහිර පළාත රටේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන අතර රටේ ව්‍යවස්ථාදායක අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය මෙන්ම ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර, ජාතියේ පරිපාලන සහ ව්‍යාපාරික මධ්‍යස්ථානය වන කොළඹ නගරය ද පිහිටා ඇත්තේ එහි ය.

දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතන සියල්ලක්ම පාහේ පිහිටා ඇත්තේ බස්නාහිර පළාතේ ය.  පළාතේ විශ්වවිද්‍යාල වලට කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අධ්‍යයන ආයතනය ඇතුළත් වේ.  රටේ සියලු පළාත්වලින් වැඩිම ජනගහනයක් වාසය කරන බස්නාහිර පළාත තුළ ජාතික, පළාත්, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව වැඩිම පාසල් සංඛ්‍යාවක් ඇත.

බස්නාහිර පළාත කොළඹ, ගම්පහ සහ කළුතර  යනුවෙන් පරිපාලන දිස්ත්‍රික්ක තුනකට බෙදා ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40 කින් සහ ග්‍රාම නිලධාරී වසම් 2,505 කින් යුක්තව කිලෝමීටර් 3,684 ක ප්‍රදේශයක් පුරා විහිදී ඇත.

බස්නාහිර පළාත් ධජය.

බස්නාහිර පළාතේ ධජය,  ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත සඳහා 1987 වර්ෂයේදී සම්මත කරන ලදී.  එම ධජයේ සතර කෙළවර කොන් බෝ පත්‍ර හතරකින් සමන්විත වන අතර එහි මධ්‍යයේ සමාන්තරව පිහිටි ශ්වේත වර්ණ වෘත්ත තුනකි. වම් කෙළවර දක්වා ඇති පළමුවැනි වෘත්තය තුළ හිස් තුනක් දරණ රන් සර්පයෙක් ද, මධ්‍යයේ ඇති වෘත්තය තුළ කඩුවක් සහිත රන් සිංහයෙක් ද, දකුණු කෙළවර දක්වා ඇති වෘත්තය තුළ කඩුව සහිත රන් කුරුල්ලෙක් ද සිටී.

බස්නාහිර පළාත් පුෂ්පය.

සුදු නෙළුම් හෝ ඊජිප්තු ජල ලිලී ලෙසද,  Nymphaea lotus ලෙස විද්‍යාත්මකවද හැඳින්වෙන බස්නාහිර පළාත් පුෂ්පය Nymphaea පවුලේ සපුෂ්ප ශාකයකි. එම මල මඟින් පාරිශුද්ධත්වය සහ නොපසුබට උත්සාහය සංකේතවත් කරයි.

අපගේ මෙහෙවර

බස්නාහිර පළාතේ ඵලදායි පාරිභෝගික සේවාවක් නීතිමය රාමුව තුළ සැපයීම සහතික කිරීම මඟ පෙන්වීම, අධීක්ෂණය සහ නිරීක්ෂණය තුළින් තිරසාර සංවර්ධනයට දායක වීම

අපගේ වටිනාකම්

විනිවිදභාවය:

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් සියලුම පරිපාලන කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදු කෙරේ.

ප්‍රතිචාරාත්මක:

අපගේ නිලධාරීන් අවධානයෙන් සිටින අතර කාලෝචිත ලෙස ප්‍රතිචාර දක්වයි.

පාරිභෝගික සේවාව:

අපගේ ගනුදෙනුකරුවන්ට සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා කඩිනමින් සහ නිවැරදිව ප්‍රතිචාර දක්වමින් සෑම විටම ආචාරශීලී, කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවාවක් සැපයීමට අපි උත්සාහ කරමු.

නවෝත්පාදනය:

නවීන තාක්ෂණය භාවිතා කරමින්, වැඩ කටයුතු විධිමත් හා වේගවත් ලෙස සිදු කෙරේ.

සංවිධානාත්මක ව්‍යුහය

අභිමතාර්ථ සහ අරමුණු

අපගේ සේවාවන්