මාර්ග ආරක්ෂාව අරමුණු කරගත් නව වැඩසටහනක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත් වූ අතර මෙම “Saving Lives” කමිටුව එල්.ඒ. කලුකපුආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් හා ආණ්ඩුකාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහි සම්පත් දායකත්වය ලබාදීම සඳහා වෛද්‍යවරුන්, පොලිස් නිලධාරින්, මාර්ගස්ථ මගී ප්‍රවාහන (පළාත්) අධිකාරියේ නිලධාරීන් ඇතුලු පිරිසක් පැමිණ සිටි අතර බස්නාහිර පළාතේ මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා සක්‍රීය හා ප්‍රමිතිගත මට්ටමේ නව වැඩසටහනක් ආරම්භ කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ විය.
මෙම වැඩසටහනේදී ප්‍රධාන වශයෙන් රියදුරු හැසිරීම, හොඳ පුහුණුව, නීතියට ගරුකිරීම සහ ජනතාව අතර අවබෝධය වර්ධනය කිරීම මෙන්ම පොදු ප්‍රවාහනය සඳහා භාවිතා වන වාහනවල ආරක්ෂාව, වාහන පරීක්ෂාවන් සංවිධානය කිරීම, පැරණි සහ ධාවනයට නුසුදුසු වාහන ක්‍රමයෙන් අවලංගු කිරීම, සහ ප්‍රමිතීන් උසස් කිරීම පිළිබඳව අවධානය යොමු කරනු ලැබීය.