ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා (Hanif Yusoof) අතර හමුවක් අද (2024.10.23) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදම සහ අන්‍යොන්‍ය සහයෝගීතාව පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ අතර විවිධ ක්ශේත්‍ර හරහා දෙරටටම ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.