ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (2024.10.23) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා (Hanif Yusoof) හමු විය.
දෙරට අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, දෙරට අතර විවිධ අංශයන්හි සහයෝගීතාව පුළුල් කර ගැනීමටත් මෙම හමුවේදී විශේෂ අවධානය යොමු විය.