බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් ලෝක ළමා දිනයට සමගාමිව ඉදිරිපත් කළ චිත්‍ර,අත්කම් හා වීදිනාට්‍ය ප්‍රදර්ශනය සහ කුසලතා දැක්ම අද කොළඹ ආණ්ඩුකාර කාර්යාලයේ දී (2024.10.10) පැවැත්විණි. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ (Hanif Yusoof) ප්‍රධානත්වයෙනි. මෙහි චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens මහතාද එක්විය.
ආයතනගත දරුවන් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ගේ විසින් අදාල කුසලතා දැක්වීම සිදුකර තිබිණි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා විසිරී සිටින දරුවන්ද ලෝකයේ පවතින යුධමය තත්ත්වයන් හේතු කොටගෙන බලවත් පීඩාවන් රැසකට මුහුණ දී සිටින බවත්, දරුවන්ගේ නාමයෙන් යුධ ගැටුම් නවතා ලෝක සාමය වෙනුවෙන් සියලු දෙනා පෙනී සිටිය යුතු බව එහිදී ආණ්ඩුකාරතුමා පැවසීය.