ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා (Eric Walsh) සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා (Eric Walsh) සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා (Hanif Yusoof) අතර හමුවක් අද (2024.10.24) කොළඹ ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර බස්නාහිර පළාත ගොඩනැගීම සඳහා වූ කෙටිකාලීන, මධ්‍යකාලීන හා අධිකුකාලීන සැලසුම් පිළිබඳවද එහිදී ආණ්ඩුකාරතුමා පැහැදිලි කරනු ලැබීය.

මානව සම්පත ශක්තිමත් කිරීමත්, අධ්‍යාපනය නගා සිටුවීමත්, ව්‍යවසායකත්වය දියුණු කිරීමත් පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමුවිය.