බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් (Hanif Yusoof) මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. බස්නාහිර පළාත සංවර්ධනය සහ, එය ගොඩනැගීම උදෙසා වූ ඉදිරි දැක්ම පිළිබඳව එහිදී ආණ්ඩුකාරතුමා විසින් මහකොමසාරිස්වරයාට පැහැදිලි කරනු ලැබීය. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍රගත කරගත් විශේෂිත වැඩපිළිවෙළක් දියත් කිරීමත්, ආයෝජන අවස්ථා වැඩි කිරීමත්, නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමත් සිය අරමුණ බවද ආණ්ඩුකාරතුමා පැවසීය. ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක අංගයක් ලෙස ආර්ථිකයේ විනිවිදභාවය පවත්වා ගැනීමේ වැදගත්කම ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් සිටීවන්සන් මහතා මෙහිදී පෙන්වා දුන් අතර සාධනීය කටයුතු උදෙසා ඕස්ට්‍රේලියාවේ සහයෝගය උපරිමයෙන් ලබාදෙන බවටද සහතික විය.