එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා (Hanif Yusoof) අතර හමුවක් අද කොළඹ ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.
දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා නව රජයේ ප්‍රයත්නයන් මෙහිදී ඇයගේ ඇගයීමට ලක් විය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට කරගෙන යාම පිළිබඳව සිය ප්‍රසාදය ආණ්ඩුකාර තුමා විසින් පළ කළ අතර බස්නාහිර පළාත සංවර්ධනය උදෙසාද අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.