ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

"විස්කම් ප්‍රභා - 2024" ග්‍රාමීය කාන්තා නිර්මාණ ප්‍රදර්ශනය සහ වෙළඳ පොළ

“විස්කම් ප්රභා – 2024″ නිර්මාණ ප්රදර්ශනය සහ වෙළඳ පොළ බස්නාහිර පළාත් සභා සංකීර්ණයේ බිම් මහලේදී 2024.12.02 සහ 03 යන දෙදින තුල බස්නාහිර පළාත් මාර්ග, ප්රවාහන, සමුපාකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත හා ග්රාම සංවර්ධන අමාත්යංශයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතාගේ ප්රධානත්වෙයෙන් හා බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ධම්මිකා කේ. විජේසිංහ මැතිනිය ඇතුළු නිලධාරීන්ගේ සහබාගිත්වයෙන් ආරම්භ විය.
 
ග්රාමීය කාන්තා පුහුණු මධ්යස්ථානයේ කතුන්ගේ දෑතින් නිමවූ ඉතා මනරම් නිර්මාණ මෙම ප්රදර්ශනයේදී දක්නට ලැබෙන අතර ඔවුන්ගේ එම නිර්මාණ ඉතාමත් සාධාරණ මිල ගණන් වලට මිලදී ගැනීමේ හැකියාවද පැවතුනි.
 
මෙහි සුවිශේෂිත්වය වන්නේ සෑම මසකට වරක්ම බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල තුළ මෙවැනි නිර්මාණ ප්රදර්ශනයක් හා වෙළඳ පොළක් පැවැත්වීමට ග්රාමීය කාන්තා පුහුණු මධ්යස්ථානයේ නිර්මාණකරුවන්ට බස්නාහිර පළාත් සභාව විසින් අවසර ලබා දී තිබෙන අතර මෙම නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණ අලෙවි කරගැනීම සඳහා නිශ්චිත ස්ථානයක් ලබාදීමට බස්නාහිර පළාත් සභාව මේ වන විටත් අවශ්ය සැලසුම් සකස් කර තිබේ.