ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බස්නාහිර පළාත් නව්‍ය අධ්‍යාපනික පරිවර්තන වැඩසටහන

නව්ය සහ නවීන අධ්යාපන ක්රමයක් තුළින් දක්ෂ පුරවැසියන් පෝෂණය කිරීම අරමුණු කරගනිමින් පරිවර්තනීය වැඩසටහන් මාලාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් මේ වන විට දියත් කර ඇත.
 
මොහොමඩ් හිෂාම් මහතාගේ ස්වේච්ඡා විශේෂඥතාවයත්, නායකත්වයත් මෙම වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා ආණ්ඩුකාරවරයා විසින් යොදාගෙන තිබිණි.
 
සිසුන්ගේ පුද්ගලික වර්ධනය දිරිමත් කිරීම, සමාජ සංවර්ධනය ප්රවර්ධනය කිරීම සහ ජාතික සංස්කෘතිය ආරක්ෂා කිරීම සහ නංවාලීම මෙන්ම වත්මන් ආන්ඩුවේ පිරිසිදු, ආරක්ෂිත සහ ප්රසන්න පාසල් නිර්මාණය කිරීමේ රාමුව තුළ මෙම වැඩසටහන සැලසුම් කර තිබිණි.
 
මූලික සාරධර්මවලට ප්රමුඛත්වය දෙමින් සමස්ත ප්රජාවටම දීප්තිමත් අනාගතයක් සඳහා මංපෙත් විවර කිරීම අරමුණින් අධ්යාපනික, සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් සිසුන්ට විශිෂ්ටත්වය කරා ගමන් කළ හැකි පරිසරයක් ගොඩනැංවීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථයයි. මෙම වැඩසටහනට අමතරව ප්රායෝගික විසඳුම් කෙරෙහි අවධානය යොමු කරමින් ගුරුවරුන් සහ සිසුන් සමඟ දෙවන වැඩමුළුවක් ද පවත්වන ලදී.