ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

කොළඹ නගර සීමාව තුළ ජලභීතිකාව පාලනය කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවට අයත් වන නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව යනු කොළඹ නගර සීමාව තුළ ජලභීතිකාව පාලනය කිරීමේ වගකීම පැවරී ඇති දෙපාර්තමේන්තුවයි. ජලභීතිකා ආඥා පනත, සුනඛයින් ලියාපදිංචි කිරීම පිළිබඳ ආඥා පනත සහ කොළඹ මහ නගර සභාවේ අතුරු නීති වලට අනුකූලව සත්ත්ව සුබසාධනය ආරක්ෂා වන අයුරින් මානුෂීය ක්‍රම භාවිතා කර වීදි සුනඛ ගහනය පාලනය කිරීම මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි. ජලභීතිකා මර්ධන සායනයේදී සහ ක්ෂේත්‍රයේදී සුනඛයින්ගේ සහ බළලුන්ගේ වන්ධ්‍යකරණ සැත්කම් ද ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන් ද නොමිලේ සිදු කරනු ලබයි. නාගරික පශු වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් වගකීම් සහගත සතුන් ඇති කිරීම පිළිබඳව නිරන්තරයෙන් මහජනතාව දැනුවත් කරනු ලබන අතර එමගින් ප්‍රසිද්ධ ස්ථාන වල සතුන්ට ආහාර ලබාදීමෙන් ඇතිවන ගැටළු අවම කර ගැනීමට කටයුතු කරනු ලබයි. මේ මගින් ප්‍රසිද්ධ ස්ථාන වලට සතුන් ආකර්ශණය වීම වැළකීම ද සුනඛ සපාකෑම් වළක්වා ගැනීමද සිදුවේ.

මෙම වැඩසටහන බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹු අවස්ථාව.