ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බංග්ලාදේශයේ මහ කොමසාරිස් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුව.‍

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශයේ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස්, අතිගරු Tareq Md Ariful Islam මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා බ්‍රහස්පතින්දා (2023.08.03) දින බත්තරමුල්ල බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී හමුවිය.

ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවලදී, දෙරට අතර වසර ගණනාවක් පුරා පැවති මිත්‍රශීලී සහ යහපත් සබඳතා මෙන්ම විශේෂයෙන්ම විවිධ පුහුණු වැඩසටහන් සඳහා සන්නද්ධ හමුදා සහභාගීත්වය සහ ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති අනෙකුත් වැඩසටහන් ද ඔවුන් දෙදෙනා සිහිපත් කළහ

ඔහු ආණ්ඩුකාර කාර්යාලයේ අමුත්තන්ගේ පොතේ ද මතක සටහන් තැබීය‍.

සමරු තිළිණ හුවමාරුවකින් පසුව සුහද හමුව අවසන් විය. මෙම සුහද හමුව සඳහා බංග්ලාදේශයේ මහ කොමසාරිස්තුමාගේ ලේකම්තුමා සහ ආණ්ඩුකාරවරයාගේ අනෙකුත් නිලධාරීන් ද සම්බන්ධ වී සිටියහ.