ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

Clean Ocean Force ව්‍යාපෘති රැස්වීම

Clean Ocean Force (COF), බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සමඟ අත්වැල් බැඳගත් ව්‍යාපෘතියක් වන අතර එය සතිපතා වෙරළ, ජල මාර්ග සහ කඩොලාන පරිසර පිරිසිදු කරමින්, බස්නාහිර පළාතේ වෙරළ තීරයේ ඉතිරිව ඇති ප්ලාස්ටික්, අපද්‍රව්‍ය සහ ඉවත දැමූ ධීවර දැල් කැබලි එකතු කර බැහැර කිරීම සිදුකරයි. මෙම ව්‍යාපෘතියෙන් 95%කට වැඩි කාන්තාවන් ප්‍රමාණයක් සිටින පළාතේ අඩු ආදායම්ලාභී පවුල් තුන්සියයක් සවිබල ගන්වා ඇත.

ශ්‍රී ලංකාව පරිසර දූෂණයෙන් හා ප්ලාස්ටික් වලින් තොර දිවයිනක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන බැවින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සමඟ පිහිටුවා ඇති බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්ය සාධක බලකාය මෙම ව්‍යාපෘතියට සහාය වී ඇත.