ආණ්ඩුකාරවර කාර්යාලය

බේරුවල ප්‍රාදේශීය සභාවේ හා නගර සභාවේ ගැටලු පිළිබද සාකච්ඡාව

බේරුවල ප්‍රාදේශීය සභාවේ හා නගර සභාවේ ගැටලු පිළිබද සාකච්ඡාව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

බේරුවල සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රාදේශීය සභාව, නගර සභාව සහ අප ජනතාව මේ වන විටත් මුහුණ දෙමින් සිටින ගැටළු ගරු ආණ්ඩුකාරතුමා සහ නිලධාරීන් සමග සාකච්ඡා කළේය. පසුගියදා මා විසින් යෝජනා කරන ලද බේරුවල මොරගල්ල ගෝල්ඩන් මයිල් සංචාරක වෙරළ තීරය අඛණ්ඩව පිරිසිදු කළ හැකි විශේෂ ඒකක පිහිටුවීම සඳහා ද එතුමන් සහය පළකලේය. ගෝල්ඩන්මයිල් වෙරළ තීරයේ අලෝක පහන් සවිකිරීම, මාර්ග අළුත්වැඩියා කටයුතු, ආයතන වල සේවක ගැටලු, ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ සාකච්ඡාවට ලක්විය.

බේරුවල පලාත් පාලන ආයතනය විසින් මහජනයා වෙත කාර්යක්ෂම සේවාවක් සපයනු දැකීම මාගේ අරමුණයි. එම නිසාම බේරුවල සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස මෙම ආයතන ද්විත්වයේ ප්‍රගමණය සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීම බලාපොරොත්තු වෙමි.

මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාරවර ලේකම් පී. සෝමසිරි මහතා, බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඒ.ඩී.එස් සදිකා මහත්මිය, බස්නාහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් විපුලසේන මහතා, බේරුවල නගරසභාවේ ලේකම් රනසි ගුණවර්ධන මහත්මිය, බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රනසිංහ මහතා ඇතුළු නිලධාරීන්, බේරුවල ප්‍රාදේශීය සභා හිටපු ගරු සභාපති මේනක විමලරත්න මහතා, ගරු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සමිත කවිරත්න මහතා, මාගේ පුද්ගලික ලේකම් චාමර සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.