ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

"Clean Sri Lanka" වැඩසටහනට සමගාමීව බේරේ වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය

“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත පිරිසිදු කිරීමේ “Clean Western Province” වැඩසටහන ආරම්භ විය. ඒ බස්නාහිර ආණ්ඩුකාර හානිෆ් යූසුෆ් මහතාගේ ප්රධානත්වයෙනි. මාලඹේ පොදු බස් නැවතුම්පොළ හා ඒ අවට ප්රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහන මෙලෙස අද පැවැති අතර, මෙම වැඩසටහන 2025.02.03 සිට 2025.02.09 දක්වා සතියක කාලයක් පැවැත්වේ. බස්නාහිර පළාත පුරා සියලුම රාජ්ය ආයතන සහ ප්රජාව එක්ව මෙය ක්රියාත්මක කරනු ලැබේ.
 
අද දින පැවති මාලඹේ පොදු බස් නැවතුම්පොළ හා ඒ අසල ප්රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රණී කෞශල්යා ආරියරත්න, බස්නාහිර පළාත් සභාවේ ප්රධාන ලේකම්තුමිය මෙන්ම බස්නාහිර පළාතේ රාජ්ය නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, ස්වේච්ඡා සේවකයන් හා ප්රජාව දායක වූ අතර මෙහිදී බස් නැවතුම්පොළ අවට ඇති කසල ඉවත් කිරීම, පොදු වැසිකිලි පිරිසිදු කිරීම හා පරිසරය ආකර්ශනීය තත්වයට පත් කිරීම සඳහා මෙහිදී කටයුතු සිදු කරන ලදී.
 
ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාත පුරා ආයතනවල “Clean Sri Lanka” වැඩසටහන් 5000ක් කිරීමට අරමුණු කරගෙන ඇති අතර එම වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස අද මාලඹේ ප්රදේශයේ පැවති මෙම වැඩසටහන අති සාර්ථකව අවසන් විය.
 
සැලසුම් කර ඇති ශ්රමදාන සතියෙන් පසුව ද පිරිසිදු බව හා ආකර්ශනීය තත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සෑම සතියකම සිකුරාදා දින විශේෂ දිනයක් ලෙස නම් කර ඇති අතර, මෙම දිනයේ දී දෛනික රාජකාරි වලට බාධා නොවන පරිදි පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.
 
මෙය “Clean Sri Lanka” ශ්රමදාන සතියේ (2025.02.03 සිට 2025.02.09 දක්වා) කොටසක් වන අතර, බස්නාහිර පළාත පුරා පිරිසිදු හා ආකර්ශනීය පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගෙන ඇත.මීට අමතරව තවත් වැඩසටහන් රැසක් ක්රියාත්මක කිරීමට නියමිත ය.