“Clean Sri Lanka” බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාතේ සුපිරි වෙළඳසැල් ප්රධානීන් හමුවෙයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පසුගිය දා (25) ආණ්ඩුකාර කාර්යාලයේ දී බස්නාහිර පළාතේ ප්රධාන සුපිරි වෙළඳසැල් නියෝජිතයින් හමුවී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “Clean Sri Lanka” වැඩසටහනට අනුව පළාත තුළ ක්රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
අදාළ සාකච්ඡාවේදී ආණ්ඩුකාරතුමා විසින් වෙළඳසැල් නියෝජිතයින්ට නිර්දේශ කරනු ලැබූ ප්රධාන කරුණු,
- සුපිරි වෙළඳසැල්වල අපද්රව්ය බැහැර කිරීම සඳහා පරිසර හිතකාමී නිශ්චිත වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම.
- සුපිරි වෙළඳසැල් ආශ්රිතව පාරිභෝගික හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම.
- තෝරාගත් ස්ථානවල දවසේ පැය 24 පුරාම ක්රියාත්මක සුපිරි වෙළඳසැල් ආරම්භ කිරීම.
විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේ දී සුපිරි වෙළඳසැල් ගණනාවක පිහිටි වැසිකිළි පාරිභෝගික ජනතාවට භාවිතා කිරීමට අදාළ පහසුකම් සලස්වන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමට, සුපිරි වෙළඳසැල් නියෝජිතයින් එකඟත්වය පළ කර සිටියේය.