ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

විහාරමහාදේවි උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාව

වසර 144ක ඉතිහාසයක් ඇති විහාරමහාදේවි උද්යානය අගනුවර ගෞරවනීය ස්ථාන අතර ප්රමුඛස්ථානයේ සිටී. අක්කර 50කට ආසන්න භූමි ප්රදේශයක් සහිත, මෙම උද්යානය නරඹන්නන්ට මනස්කාන්ත සහ සන්සුන් පරිසරයක් සලසයි. මෙම නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණ වන්නේ උද්යානයේ නඩත්තුව විධිමත් කරමින්, නරඹන්නන්ට අවශ්ය පහසුකම් වර්ධනය කිරීමයි.
 
විහාරමහාදේවි උද්යානයේ විශේෂත්වයකින් වන “සතුටු උයන” කුඩා දරුවන්ට විනෝදය ලබාදීම සඳහා නිර්මාණය කොට ඇති අතර, එහි නඩත්තු කටයුතු පිළිබඳවද මෙම චාරිකාවේදී සොයා බැලීණි.
 
පාරිසරික සුන්දරත්වයෙන් පිරුණු විහාරමහාදේවි උද්යානය අප සතු අනර්ඝ සම්පතක් වේ. දිරා නොයන පොලිතීන් සහ ප්ලාස්ටික් වැනි අපවිත්ර දෑවලින් තොර පිරිසිදු වටපිටාවක් පවත්වා ගැනීම අප සියලුදෙනාගේ වගකීමකි. මෙම වටිනා පරිසර පද්ධතිය අනාගත පරපුර සඳහා සුරකිමට අදාළ ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාව මෙහිදී යළි අවධාරණය කෙරිණි.