ආණ්ඩුකාරවර කාර්යාලය

අලෝකයෙන් බැබලුන රන් සැතැපුම වෙරළ තීරය

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මොරගල්ල වෙරළ තීරය බස්නාහිර පළාතේ පුළුල්ම සහ ඉහළම සංචාරක ආකර්ෂණයෙන් යුතු වෙරළ තීරයයි. දිවා කාලයේදි සංචාරක පරාදීසයක් බවට පත් වූ මෙම වෙරළ තීරය රාත්‍රි කාලයේදි භයානක අන්ධකාරයෙන් ගිලගෙන තිබීම රාත්‍රි සංචාරක පුරවරයක් බවට පත් වීමට බධාවක් විය, මෙරටට විදේශ විනිමය ගලාගෙන එන මාර්ගයන් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කළ හැකි ලෙස මෙම රන් සැතපුම් වෙරළ තීරය විධිමත් ව්දුලි අලෝකයෙන් බබලවන ව්‍යාපෘතිය රු. මිලියන 31 වියදමක් දරමින් ක්‍රියාත්මක කරන ලදි.