ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

"හීන වලට පාර කියන්න" චිත්‍ර අත්කම් හා වීදි නාට්‍ය ප්‍රදර්ශනය

ලෝක ළමා දිනය මුල් කරගනිමින් බස්නාහිර පළාත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින රැකවරණය ලබන දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළි දැක්වීම සඳහා සහ දරුවන්ගේ අනාගත අපේක්ෂාවන් සැලසුම් කිරීම අරමුණු කර ගනිමින් (2023.10.05 ) “හීන වලට පාර කියන්න” චිත්‍ර අත්කම් හා වීදි නාට්‍ය ප්‍රදර්ශනය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.

මෙම උත්සවය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාතේ පළාත් සභාපති සුනිල් විජේරත්න මැතිතුමා, බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, ආණ්ඩුකාර ලේකම් පී සෝමසිරි මහතා මෙන්ම සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක කාන්තා කටයුතු සභා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. ගාමිණී ධර්මසේන මැතිතුමාගේ සහභාගිත්වයෙක් පවත්වන ලදී. එමෙන්ම පළාතෙහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ බස්නාහිර පළාතෙහි ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ප්‍රධානීන් සහ දරු දැරියන් මෙම උත්සවයේ ප්‍රදර්ශන කටයුතු සඳහා පැමිණෙන ලදී.