ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ 1987 අංක 42 දරණ පළාත් සභා පනත අනුව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධානියා ලෙස ආණ්ඩුකාරවරයා සතු බලතල ප්‍රකාරව පැවරී ඇති අභිමතාර්ථ හා අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය කැපවී සිටී.
බස්නාහිර පළාත යනු කොළඹ, ගම්පහ සහ කළුතර යන ජනාකීර්ණ දිස්ත්‍රික්ක තුනකින් සමන්විත පළාතකි. මෙම කාර්යාලයේ දැක්ම වන “පළාත් සභාවේ ඵලදායී පරිපාලනය සඳහා මග පෙන්වීම සැපයීමේ විශිෂ්ඨ මධ්‍යස්ථානයක් වීම“ යන්නයි. එය අරමුණු කොට ගෙන නීතිමය රාමුව තුළ අවශ්‍ය මඟ පෙන්වීම, අධීක්ෂණය සහ නිරීක්ෂණය තුළින් තිරසාර සංවර්ධනයට දායක වීම සඳහා කාර්යක්ෂම , ඵලදායී හා සුහදශීලී මහජන සේවාවක් සැපයීම අපගේ පරමාර්ථයයි. ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන් සමග එක්ව එම පරමාර්ථ යතාර්ථයක් බවට පත් කිරීමේ සුවිශේෂි මෙහෙවර ඉටුකිරීම අපගේ අරමුණ වේ.
එම අරමුණ ඉටුකරගැනීමෙහි ලා නවීන තාක්ෂණය භාවිතා කිරීම මගින් කාර්ය බහුල ජනතාවට විවිධ සේවා හා තොරතුරු ලබා ගැනීමේ පහසුකම මෙම වෙබ් අඩවිය මගින් සැලසීම අපගේ අභිප්‍රාය වේ. ඒ අනුව ඔබගේ වැඩ කටයුතු පහසුවෙන් ඉටුකරගැනීම සඳහා මෙම වෙබ් අඩවිය භාවිතා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.