ආණ්ඩුකාර ලේකම්තුමන්ගේ පණිවුඩය
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය, බස්නාහිර පළාත තුල ප්‍රධාන කාර්යාලය ලෙස ක්‍රියාත්මක වන අතර, බස්නාහිර පළාත් ප්‍රධානියා ලෙස ආණ්ඩුකාරවරයා වෙත පැවරි ඇති වගකීම මනා ලෙස ඉටු කිරීමට කැප වී ඇත.
ආණ්ඩුකාරවර කාර්යාලයේ දැක්ම වනුයේ “ඵලදායි පළාත් සභා පරිපාලනයට මාර්ගෝපදේශය ලබාදෙන විශිෂ්ඨතම කේන්ද්‍රස්ථානය බවට පත්වීමයි.” මෙම දැක්ම මධ්‍යම රජයේ හා පළාත් සභා දර්ශනය වටා ගොනු වී ඇත.
ඉහත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ මෙහෙවර වනුයේ නෛතික බලතල මත බස්නාහිර පළාත් සභා පරිපාලන සඵල සේවාලාභී සත්කාරයන් සඳහා අධීක්ෂණය, මෙහෙයවීම හා නියාමනය තුලින් තිරසාර සංවර්ධනයට දායක වීම යන්නයි. එසේම අපගේ එකම අභිලාෂය වනුයේ හදුනාගත් අරමුණු හා අපගේ දැක්ම තුලින් සේවාලාභින්ගේ අරමුණු සාර්ථක කර ගැනීම සදහා නුතන තාක්ෂණ ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීමයි.
මෙම වෙබ් අඩවි පහසුකම තුලින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 1987 අංක 42 දරණ පළාත් සභා පනතට අනුව ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල හා වගකීම් කුමකුද යන්න පිළිඹිබු වේ.
බස්නාහිර පළාත් සභාවේ පාලන ක්‍රියාකාරිත්වය මෙන්ම වෙබ් අඩවිය ක්‍රියාත්මක වීම උදෙසා දායක වු සියළු දෙනාටම මාගේ ස්ත්තුතිය පුද කරන අතර, යහ පාලන ක්‍රියාවලිය තුලින් අපගේ ප්‍රයත්නයන් ශ්‍රි ලංකික අභිමතාර්තයට ප්‍රයෝජනවත් වේවායි මම ඉතා අවංකම ප්‍රාර්ථනා කරමි.
පී. සෝමසිරි මහතා
ආණ්ඩුකාර ලේකම්තුමා
බස්නාහිර පළාත