අපි ගැන
සමාලෝචනය
ආණ්ඩුකාරවර කාර්යාලය, බස්නාහිර පළාත් සභා පද්ධතියේ පරිපාලන ක්ෂේත්‍රයේ සංධිස්ථානය ලෙස සැලකේ. පළාත් සභාව හා මධ්‍යම රාජ්‍ය අතර සම්බන්ධතාවය ගොඩ නගමින් පළාත තුල වු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනයන්හි පරිපාලන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරිමට ගරු ආණ්ඩුකාරතුමන් විසින් මාර්ගෝපදේශකත්වය සපයයි. ආණ්ඩුකාරවර කාර්යාලය ශක්තිමත් කිරීම හේතුවෙන්, පළාත තුල ස්ථාපිත වී ඇති සෙසු ආයතනයන්හි ක්‍රියාකාරිත්වයටද මහත් බලපෑමක් ඇති වේ.
දැක්ම
ඵලදායී පළාත් සභා පරිපාලනයට මාර්ගෝපදේශය ලබාදෙන විශිෂ්ඨතම කේන්ද්‍රස්ථානය බවට පත්වීම.
මෙහෙවර
නෛතික බලතල මත බස්නාහිර පළාත් සභා පරිපාලන ක්‍රියාවලිය සළුල සේවාලාභි සත්කාරයක් සඳහා අධීක්ෂණය, මෙහෙයවීම හා නියාමනය තුලින් තිරසාර සංවර්ධනයට දායකවීම.
අපගේ සාරධර්ම
කටයුතු සමිපාදනයේ විනිවිද භාවය
ආණ්ඩුකාරවර කාර්යාලය විසින් මෙහෙයවනු ලබන සියළුම ක්‍රියාකාරකමි විනිවිද භාවයකින් යුක්තව සිදු කෙරේ.
පාරිභෝගික තෘප්තිය
අපගේ සහයෝගය පතන්නාවූ පාරිභෝගිකයිනට ඔවුන්ගේ උපරිම තෘප්තිය සඳහා අවශ්‍ය සේවාවන් සපයමු.
කාර්යක්ෂම සේවා බෙදා හැරීමි
සියළුම සේවාවන් අවශ්‍ය උවමනාවන් අනුව කලට වේලාවට හා නිවැරදි ලෙස කාර්ය සාධක අගයක් සහිතව සපයමු.
කාර්ය මණ්ඩලයේ බැඳීම හා වගකීම
ඵලදායි සේවාවන් උදෙසා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් උසස් වගකීමකින් සේවාවන් සපයන්නාහ.
ගුණාත්මක සේවයක් සැපයීම
ආණ්ඩුකාරවර කාර්යාලය විසින් සපයන්නාවූ සියළුම සේවාවන් නෛතික රාමුවක් තුළ ඉතා උසස් ගුණයෙන් යුක්ත වේ.
මහජනයා සමඟ ඇසුරේදී අපගේ විනීතභාවය
මහජනයා සමඟ සම්බන්ධතාවයක් ඇතිකිරීමේදී අපගේ නිලධාරි මණ්ඩලය ඉතා විනීත ලෙස හැසිරෙන්නාහ
ප්‍රමාදයකින් තොරව අවශ්‍යතාවයන් හා ඇයදීමි සපුරාලීම
ලබාගන්නාවූ සියළුම ඇයදීම් වලට අප්‍රමාදව ක්‍රියාත්මක වීම.
සියළුම අවස්ථාවලදී අපගේ කාර්යාලයීය පරිසරය ඉතා ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යාම.
කාර්ය සාධකයේ අගය වනුයේ
සියළුම සේවාවන් අවශ්‍යතාවයන් අනුව කලට වේලාවට නිවැරදි ලෙස කාර්ය සාධක වටිනාකමකින් යුක්තව සපයමු.
මහජනයා සමඟ මිත්‍රත්වය
අපගේ නිලධාරීන් මහජනයාගේ අවශ්‍යතාවයන් ඉතා මිත්‍රශීලීව උපස්ථානය කරති.
රහස්‍යතාවය
කාර්ය මණ්ඩලය සෑම විෂයක් කෙරෙහිම තොරතුරු ඉතා රහසිගතව ආරක්ෂා කරති.