බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

අංක 2199/10 හා 2020.10.27 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් පළකරන ලද සහ 2021.10.04 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 5 පරිශිෂ්ඨය  සහ අංක 2064/8 හා 2018.03.26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත බලතල පැවරීම අනුව, පුරප්පාඩු වීමට නියමිත ඇති ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ  පරිපාලන 1 ශ්‍රේණියේ බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් තනතුර සඳහා මෙයින් අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ පරිපාලන 1 ශ්‍රේණියේ  නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගැනීම සිදු කෙරේ.

  2. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් ලකුණු පටිපාටිය පදනම් කර ගනු ලැබේ.

සේවා පලපුරුද්ද

(උපරිම ලකුණු 55)

පරිපාලන 1 ශ්‍රේණියේ සක්‍රීය සේවා කාලය සඳහා – එක් වසරකට ලකුණු 5 බැගින්

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ පරිපාලන 1 ශ්‍රේණියේ සක්‍රීය සේවා කාලයට ලකුණු දෙනු ලැබේ.

වසරකට අඩු සහ මාස හයකට වැඩි සේවා පලපුරුද්ද සඳහා ලකුණු 2.5 බැගින් දෙනු ලැ‍බේ. මාස හයකට අඩු කාල සීමාව සලකා බලනු නොලැ‍බේ.

සක්‍රීය සේවා කාලය යනු ස්වකීය තනතුරට අදාල වැටුප් ලබමින් සත්‍ය වශයෙන්ම රාජකාරියෙහි යෙදී සිටි සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රසූත නිවාඩු හැර අනෙකුත් සියලුම වැටුප් රහිත නිවාඩු කාල පරිච්ඡේදයන් සක්‍රීය සේවා කාලය සඳහා ගණනය කරනු නොලබන්නේය.

කුසලතාවය

(උපරිම ලකුණු 45)

  • වාර්ෂික කාර්ය සාධන ඇගයුම (උපරිම ලකුණු 15)

සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනට පෙර පූර්වාසන්න වසර 05 ක කාල පරිච්ඡේදයක් තුල වාර්ෂික කාර්ය සාධන ඇගයුමේ දී ලබා ගත් ඇගයුම් අනුව පහත දක්වා ඇති පරිදි ලකුණු ලබා දෙනු ඇත.

කාර්ය සාධන ඇගයුමේ දී ලබා ගත් ඇගයුම්

වසරක් සඳහා ලබා දෙන උපරිම ලකුණු

විශිෂ්ඨ

ලකුණු 3

සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ

ලකුණු 2

සතුටුදායක

ලකුණු 1

2.    ප්‍රකාශන (උපරිම ලකුණු 06)

(ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි)

(අ) ප්‍රකාශයට පත් කරන ලද සඟරා,පොත්,පරිච්ඡේද,පුහුණු මොඩියුල හෝ අධ්‍යයන පරිපාටි වල කර්තෘත්වය (එකකට උපරිම ලකුණු 01 බැගින්)

(ආ) ප්‍රකාශය‍ට පත් කරන ලද නිබන්ධන / පුහුණු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය / යොමුගත නොකරන ලද නිබන්ධන / පුවත්පත් වල සහ සඟරාවල පල කරන ලද  ලිපි / වෙබ් ප්‍රකාශන වල කර්තෘත්වය (එකකට උපරිම ලකුණු 0.5 බැගින්)

3.   ප්‍රශංසා හා සම්මාන  (උපරිම ලකුණු 04)

(ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි)

(අ) ප්‍රශංසා (පොදු ආකෘති පත්‍ර 230බී මගින් ඉදිරිපත් කර ඇති ප්‍රශංසා සඳහා    පමණක් ලකුණු දෙනු ලැබේ.) (එකක් සඳහා උපරිම ලකුණු 01)

(ආ) සම්මාන – සම්මාන සඳහා පහත පරිදි ලකුණු ලබා දෙනු ලැබේ.

සම්මානය

එක් සම්මානයක් සඳහා ලබා දෙන ලකුණු

ආයුර්වේද වෛද්‍ය  ක්ෂේත්‍රය වෙත දැක්වූ දායකත්වය සඳහා අන්තර්ජාතික සම්මාන

ලකුණු 02

ආයුර්වේද වෛද්‍ය  ක්ෂේත්‍රය වෙත දැක්වූ දායකත්වය සඳහා ජාතික සම්මාන (උදා- ජනාධිපති සම්මාන, )

ලකුණු 01

ආයුර්වේද වෛද්‍ය  ක්ෂේත්‍රය වෙත දැක්වූ දායකත්වය සඳහා ජාතික / පළාත් මට්ටමේ විශේෂ සම්මාන (උදා- ඉහත දක්වා ඇති සම්මාන වලට අමතරව ඇති අනෙකුත් සම්මාන)

ලකුණු 0.5

4.    සම්මුඛ පරීක්ෂණයේ දී දක්වන දක්ෂතා (උපරිම ලකුණු 20)

පහත දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ඉල්ලුම්කරු විසින් සම්මුඛ පරීක්ෂණයේ දී සන්නිවේදන කුසලතා, ආකල්ප, විශ්ලේෂණාත්මක හැකියාව සම්බන්ධයෙන් පෙන්වන ලද කුසලතාවයට ලකුණු දෙනු ලැබේ.

(අ) වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කිරීම

(ආ) ගැටළුව හෝ අවශ්‍යතාව හඳුනා ගැනීම සහ විසඳුම් යෝජනා කිරීම

(ඇ) හඳුනාගත් බාධක ජය ගැනීම සඳහා උපායශීලී සැලසුම්

  1. බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් තනතුර සඳහා වන අයදුම්පත්‍රය මෙතනින් බාගත හැකිය.

  1. අයදුම්පත්‍ර භාර ගන්නා අවසාන දිනය 2022.12.12 වේ. ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍ර තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් අයදුම්පත්‍ර භාර ගන්නා අවසාන දිනට හෝ ඊට පෙර, “බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්, ආණ්ඩුකාරවර කාර්යාලය, අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,බත්තරමුල්ල.” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වේ.

  2. අසම්පූර්ණ, අපැහැදිලි හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

පී. සෝමසිරි

ආණ්ඩුකාර ලේකම්

බස්නාහිර පළාත.

2022.11.11