කුසලතාවය
(උපරිම ලකුණු 45)
|
-
වාර්ෂික කාර්ය සාධන ඇගයුම (උපරිම ලකුණු 15)
සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනට පෙර පූර්වාසන්න වසර 05 ක කාල පරිච්ඡේදයක් තුල වාර්ෂික කාර්ය සාධන ඇගයුමේ දී ලබා ගත් ඇගයුම් අනුව පහත දක්වා ඇති පරිදි ලකුණු ලබා දෙනු ඇත.
කාර්ය සාධන ඇගයුමේ දී ලබා ගත් ඇගයුම්
|
වසරක් සඳහා ලබා දෙන උපරිම ලකුණු
|
විශිෂ්ඨ
|
ලකුණු 3
|
සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ
|
ලකුණු 2
|
සතුටුදායක
|
ලකුණු 1
|
2. ප්‍රකාශන (උපරිම ලකුණු 06)
(ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි)
(අ) ප්‍රකාශයට පත් කරන ලද සඟරා,පොත්,පරිච්ඡේද,පුහුණු මොඩියුල හෝ අධ්‍යයන පරිපාටි වල කර්තෘත්වය (එකකට උපරිම ලකුණු 01 බැගින්)
(ආ) ප්‍රකාශයට පත් කරන ලද නිබන්ධන / පුහුණු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය / යොමුගත නොකරන ලද නිබන්ධන / පුවත්පත් වල සහ සඟරාවල පල කරන ලද ලිපි / වෙබ් ප්‍රකාශන වල කර්තෘත්වය (එකකට උපරිම ලකුණු 0.5 බැගින්)
3. ප්‍රශංසා හා සම්මාන (උපරිම ලකුණු 04)
(ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි)
(අ) ප්‍රශංසා (පොදු ආකෘති පත්‍ර 230බී මගින් ඉදිරිපත් කර ඇති ප්‍රශංසා සඳහා පමණක් ලකුණු දෙනු ලැබේ.) (එකක් සඳහා උපරිම ලකුණු 01)
(ආ) සම්මාන – සම්මාන සඳහා පහත පරිදි ලකුණු ලබා දෙනු ලැබේ.
සම්මානය
|
එක් සම්මානයක් සඳහා ලබා දෙන ලකුණු
|
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත දැක්වූ දායකත්වය සඳහා අන්තර්ජාතික සම්මාන
|
ලකුණු 02
|
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත දැක්වූ දායකත්වය සඳහා ජාතික සම්මාන (උදා- ජනාධිපති සම්මාන, )
|
ලකුණු 01
|
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත දැක්වූ දායකත්වය සඳහා ජාතික / පළාත් මට්ටමේ විශේෂ සම්මාන (උදා- ඉහත දක්වා ඇති සම්මාන වලට අමතරව ඇති අනෙකුත් සම්මාන)
|
ලකුණු 0.5
|
4. සම්මුඛ පරීක්ෂණයේ දී දක්වන දක්ෂතා (උපරිම ලකුණු 20)
පහත දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ඉල්ලුම්කරු විසින් සම්මුඛ පරීක්ෂණයේ දී සන්නිවේදන කුසලතා, ආකල්ප, විශ්ලේෂණාත්මක හැකියාව සම්බන්ධයෙන් පෙන්වන ලද කුසලතාවයට ලකුණු දෙනු ලැබේ.
(අ) වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කිරීම
(ආ) ගැටළුව හෝ අවශ්‍යතාව හඳුනා ගැනීම සහ විසඳුම් යෝජනා කිරීම
(ඇ) හඳුනාගත් බාධක ජය ගැනීම සඳහා උපායශීලී සැලසුම්
|