Covid-19 ව්‍යාප්තව ඇති ස්ථාන තත්‍ය කාලීනව පෙන්නුම් කරන WP Covid යන දත්ත පද්ධතිය පසුගියදා බස්නාහිර පලාත් ආණ්ඩුකාර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක විසින් දියත් කෙරිණි.

ආණ්ඩුකාරතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙහි අරමුණ වන්නේ, රෝගීන් සිටින තැන් නිරීක්ෂණය කොට ඔවුන්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීම සහ අනෙකුත් කොරෝනා වසංගතයට අදාළ දත්ත සෞඛ්‍ය නිලධාරීන්ට පහසුවෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක් පිහිටුවීමයි.

විශ්‍රාමික කර්නල් රසික කහදගමගේ ප්‍රමුඛ තාක්ෂණික කණ්ඩායම, පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික ජයලත්, වෛද්‍ය වෙඩිසිංහ සහ බස්නාහිර පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන්ගේද සහය ඇතිව නිර්මාණය වුණු මෙම පද්ධතිය පහසුවෙන් මෙහෙයවීමට හැකි ලෙස සකසා ඇත.

තවද, මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති අතර, රට තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා අවශ්‍ය දත්ත ‍ක්ෂණිකව අදාළ බලධාරීන්ට ලබාදීම මෙමගින් නිසැකවම සිදුකල හැක.