Development Approval Portal නැමැති අන්තර්ජාල මෘදුකාංගය පිලිබඳව ආණ්ඩුකාරතුමන් දැනුවත් කිරීම

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන ප්‍රසාද් රණවීර මහතා ප්‍රමුඛ කණ්ඩායම, ‘Development Approval Portal’ නැමැති අන්තර්ජාල මෘදුකාංගය පිලිබඳව  ආණ්ඩුකාරතුමන් දැනුවත් කිරීම සදහා පසුගියදා ආණ්ඩුකාරවර කාර්යාලයට පැමිණියහ.

මෙම නව්‍ය මෘදුකාංගය තුලින් ඉඩම්, ගොඩනැගිලි ඇතුලුව, නාගරික සංවර්ධන අධිකාරියට අදාළ වෙනත් සැලසුම් අනුමැතියන්ද වඩාත් කාර්‍යක්ශමව මහජනතාවට ලබාගැනීමට හැකි වනු ඇත.

මෙම සාකච්ඡා වල අරමුණ වන්නේ, බස්නාහිර පලාත තුල නියමු ව්‍යාපෘතියක් ආරම්භ කොට ඉන්පසු දිවයින පුරා ව්‍යාප්ත කිරීමයි.