පළාතේ විභාග මධ්‍යස්ථාන ලෙස භාවිතා කෙරෙන සියලුම රජයේ පාසල් විෂබීජ හරණය කිරීම

විභාග කොමසාරිස් ජෙනරාල් තුමන්ගේ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ උපදෙස් අනුව, පලාතේ විභාග මධ්‍යස්ථාන ලෙස භාවිතා කෙරෙන සියලුම රජයේ පාසල් විෂබීජ හරණය කිරීම ඉතා ක්‍රමානුකූලව සිදුකෙරෙනි.

එසේම, දරුවන්ගේ පූර්ණ සුරක්ෂිත භාවය සහ මානසික නිදහස තහවුරු කිරිමට, විභාග පැවැත්වෙන සෑම දිනකම සෞඛ්‍ය උපදෙස් පරිදි අවශ්‍ය කටයුතු කිරීමට මේ වන විට ආණ්ඩුකාරවතුමන් උපදෙස් ලබා දී ඇත.