ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා විසින් සිදුකළ පරිත්‍යාග – 2020-04-15
ශ්‍රී ලංකා අපෝස්තලික නිකායේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සමග ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා විසින් සායනික මුහුණු ආවරණ 4000 ක් සහ වියළිආහාර මළු 500 ක් රටේ පවතින ඇදිරිනීතී තත්ත්වය හේතුවෙන් තම ගම් බිම් බලා යාමට නොහැකිව සිටින ජනතාව හට බෙදා දීම සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන් හට ලබා දුනි.