උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවය අතිගරු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය

සැප්තැම්බර් 02 වන සදුදා දින ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී බස්නාහිර පළාතේ උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවය අතිගරු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය. වර්ෂ 2019ක් වූ ජූනි මස පැවති ගුරුවරුන් සදහා වූ තරඟකාරී විභාගය සඳහා සහභගී වූ 15000 ක් තරඟකරුවන් අතුරින් උපාධිධාරීන් 587 ක කණ්ඩායමක් අතිගරු ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබාගත්හ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ගරු ඒ.ජේ. එම්. මුසම්මිල් මැතිතුමා විසින් ද ගුරුවරුන් සඳහා පත්වීම්  ලිපි ප්‍රධානය කෙරිනි.

එහිදි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් කියා සිටියේ සිසුන් විෂයානු බද්ධ දැනුමෙන් මෙන්ම මානව ගුණාංගයන්ගෙන් පොහොසත් විනයගරුක පුරවැසියන් බිහි කිරීම සඳහා  ගුරුවරුන් විශේෂ කාර්යය භාර්යයක් ඉටු කරන බවයි.

ගුරුවරුයා විසින් ළමයාගේ අනාගතය තීරණය කරන බැවින් ඔහු හෝ ඇය ඔවුන් භාරයේ සිටිනා සිසුන් පිළිබද තිරණ ගැනීමේ දී මනා අවබෝධයකින් මෙන්ම කාරුණීකව ක්‍රියා කල යුතු බව ජනාධිපතිතුමා පැවසූවේය. ජනාධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශකර සිටියේ බස්නාහිර පළාත් ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයේ රැස්ව සිටි පිරිස අමතමිනි.

ජනාධිපතිතුමා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ රජයේ මූලික අරමුණ වී ඇත්තේ උගත් සමාජයක් නිර්මාණය කිරීම මෙන්ම සෑම දෙනෙකටම සමානව සැලකීම මඟින් සමාජ සාධාරණය ශක්තිමත් කිරීම යන බවයි.

මණ්ත්‍රී මණ්ඩලයේ පැරණි සාමාජිකයකු වූ ලසන්ත අලගියවන්න සහ තිලංග සුමතිපාල සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ගරු ඒ.ජේ.එම්. මුසම්මිල්, ඉසුරු දේවප්‍රිය, ගාමිණි තිලකසිරි සහ රංජිත් සෝමවංශ යන මැතිවරුද පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එස්. පී. විජයබන්දු මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.