ආණ්ඩුකාරවර කාර්යාලය

සිංහල தமிழ் English

බස්නාහිර පළාත රාජ්‍ය නිළධාරීන් සඳහා පැළ ලබා දීමේ සමාරම්භක උත්සවය

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක, ගෙවතු වගා මිලියනයට සමාගාමීව, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ මගපෙන්වීමෙන් බස්නාහිර පළාත රාජ්‍ය නිළධාරීන් සඳහා පැළ ලබා දීමේ සමාරම්භක උත්සවය 2023.05.10 වන දින පෙ.ව. 11.00 ට බස්නාහිර පළාත් ගොඩනැගිලි සංකීර්ණයේ, ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ම ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත් සභා සංකීර්ණයේ රාජකාරි කටයුතු සිදු කරනු ලබන 1000 පමණ වූ රාජ්‍ය නිළධාරීන් සඳහා ගෙවතු මිලියනය වැඩසටහනට සමගාමීව තම ගෙවත්තේ සිටුවීම සඳහා පැළ වර්ග 07ක් හා බීජ වර්ග 06කින් යුත් බීජ පැකට්ටුවන් ලබා දීමට ගරු ආණ්ඩුකාරතුමා කටයුතු කර තිබුණේය.